Ticker

6/recent/ticker-posts

Ad Code

How to Track and Lock Your Lost Smartphone

ඔබේ දුරකථනය නැතිවුනොත් සොරකම් කලොත් කරන්න ඔනේ හරිම දේවල් මොනාද?

 Mobile Phone එක නැති වුවහොත් හෝ සොරකම් කළහොත් ගත යුතු පියවර පිළිබඳව පොලිසිය මහජනතාවට නිවේදනයක් නිකුත් කර ඇත.

  • පළමුව SIM එක ක්‍රියා විරහිත කරන්න. (ඔබ SIM එක  ලබාගත් සේවා සපයන ආයතනය හරහා මෙම අක්‍රිය කර ගැනීම කරන්න.)

මෙමගින් තෙවන පාර්ශවයක් නීති විරෝධී, සමාජ විරෝධී සහ අශිෂ්ට ක්‍රියාකාරකම් සඳහා ජංගම දුරකථනය භාවිතා කිරීම වළක්වනු ඇත. සිම්පත අක්‍රිය කිරීමෙන් ජංගම දුරකථනය වෙනත් පාර්ශවයක් විසින් අත්පත් කර ගන්නේ නම් එය නැවත ලබා ගැනීමද පහසු වේ.



01- සොරකම් කරන ලද ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට පැමිණිල්ලක් ගොනු කිරීමේදී IMEI අංකය සඳහන් කිරීම සමහර විට වැදගත් 
වේ.

02- ජංගම දුරකථනය අස්ථානගත වීමට හෝ නැතිවීමට පෙර සේවා විස්තර ඇතුළුව IMEI අංකය තමන් සන්තකයේ තබා ගැනීම අදාළ පුද්ගලයින්ගේ වගකීමකි. මෙම කෙටිමඟ (*#06#) භාවිතයෙන් ජංගම දුරකථනයක IMEI අංකය සොයා ගත හැකිය.

03-තවද, ශ්‍රී ලංකා පොලිසිය මෘදුකාංග හරහා ජංගම දුරකථන සොයා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති අතර, ineed.police.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලියාපදිංචිය සිදු කළ හැකි බව පොලිසිය පවසයි.