Ticker

6/recent/ticker-posts

Ad Code

How Japan Beat Laziness And What We Can Learn

Why aren't people in Japan lazy?

ජපානයේ මිනිස්සු කම්මැළි නැත්තේ ඇයි ?



ජීවිතේ වෙනස් කරන ජපන් පාඩම් 7ක් 🌟

ජපානය කියන්නේ ලොවපුරා “කම්මැලි නැති ජනතාව” ඉන්න රටක් විදියට හැමෝම දන්නා රටක්. ජපානයේ මිනිස්සු “කම්මැලිකම” (Laziness) දකින්නේ නරක පුරුද්දක් විදිහට නෙවෙයි, මානසික ලෙඩක් (Mental Habit) විදිහට. 🇯🇵 ඔවුන් විශ්වාස කරනවා, මේ ලෙඩේ සුව කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා කියලා.


ඔබටත් ජීවිතේ දිනන්න, වැඩියෙන් වැඩ කරන්න, සහ කම්මැලිම නැති කරගන්න ඕනේ නම්, මේ ජපන් ක්‍රම 7 අදම අත්හදා බලන්න.


1️⃣ කයිසන් (Kaizen) – විනාඩියේ රීතිය

“කොච්චර ලොකු වැඩක් වුණත් පොඩි පියවරකින් පටන් ගන්න”. මේ Kaizen ක්‍රමය මඟින් අපේ මොළය කම්මැලි වීමට එරෙහිව ක්‍රියාත්මක වෙනවා.

ඔබට ගෙදර දොරේ වැඩ, project, fitness plan, හෝ අනාගතේ ගැන plans තියෙනවා නම්, ඔයාගේ දවස විනාඩි 5, 10 පොඩි පොඩි කොටස් වලට වෙන් කරලා ඒ දේවල් වලට බෙදලා ගන්න. කාලය ගත වෙද්දී, ඒ පොඩි පොඩි පියවර එකට එකතු වෙලා අති විශාල වෙනසක් වෙනවා. 

2️⃣ ඉකිගායි (Ikigai) – ජීවත් වීමට හේතුවක් 

ජපන් අය අහන්නේ “ඔයා මොනවද කරන්නේ?” කියලා නෙවෙයි, “ඇයි උදේට ඇහැරෙන්නේ?” කියලා. ජීවිතයට පැහැදිලි අරමුණක් තියෙනකොට කම්මැලිකමක් දැනෙන්නේ නැහැ.

ඔයාගේ passion එක, skills, සහ earning opportunities වලින් ඔයාගේ ජීවිතේට අරමුණක් අදම හොයාගන්න. උදේම නැගිට්ටාම ඒ හේතුව මතක් කරගෙන, කුඩා ක්‍රියාත්මක වීම මඟින් ඔයාගේ දවස සාර්ථක කරගන්න.

3️⃣ හරා හචි බු (Hara Hachi Bu) – බඩ පැලෙන්න කන්න එපා 

කන්දක් වගේ උස බත් එකක් කාලා බඩ  පිරුණම අපි වගේම අපේ හිතත් lazy වෙනවා. ජපන් මිනිස්සු ඔවුන්ගේ බඩ 80% පමණ පිරුණට පස්සේ කෑම කන එක නවත්තනවා. සැහැල්ලු බඩක් තියෙද්දී ඔබේ මනස සැහැල්ලු වෙලා, active වෙනවා.

4️⃣ ෂොෂින් (Shoshin) – අපිළිවෙල ඉවත් කරන්න  

ගෙදර, කාමරය, හෝ workspace එක අවුල් වෙලා තිබුනොත්, ඔයාගේ මනස overloaded සහ lazy වෙනවා. Shoshin මඟින් physical and mental clutter අඩු කරලා, focus වැඩි කරනවා.

ඒ නිසා අද ඉදන් ඔයා වැඩකරන Work desk පිළිවෙලට අස් කරන්න, අනවශ්‍ය දේවල් තියාගෙන ඉන්නේ නැතිව අයින් කරලා දාන්න

5️⃣ කින්සුගි (Kintsugi) – අඩුපාඩු එක්කම ඉස්සරහට යන්න 

Kintsugi කියන්නේ “imperfection is part of the journey” කියන ජපන් සංකල්පය. ගොඩක් අය පටන් ගන්න කලින්ම හිතන්නේ මේක වැරදෙයිද කියන එක.

ඉතින් අද ඉදන් ඔයා දෙයක් පටන් ගන්නකොට perfect results බලාපොරොත්තු නොවී, පියවරෙන් පියවර ඉදිරියට යන්න. අඩුපාඩු වැරදි කියන්නේ අපිට ඉගෙන ගන්න තියෙන හොඳම විදිහ. 

6️⃣ පොමොදොරෝ ක්‍රමය (Pomodoro) – විවේකය සහ වැඩ 

එක දිගටම වැඩකරනකොට මහන්සිය වැඩියෙන් දැනෙනවා. මේකට කරන්න තියෙන්නේ ඔයාගේ වැඩ පොඩි පොඩි tasks වලට කඩා ගන්න එක. ඊට පස්සේ ඔයා විනාඩි 25ක් වැඩ කරොත් විනාඩි 5ක පොඩි විවේකයක් ගන්න. ඒ විනාඩි පහේ පොඩ්ඩක් නැගිටලා ඇවිදින්න, වතුර ටිකක් බොන්න. එහෙම කරාම ඔයාගේ ඇඟ වගේම හිතත් refresh වෙලා ඔයාගේ focus එකත් වැඩි වෙනවා. 

7️⃣ වබි-සබි (Wabi-Sabi) – පරිපූර්ණ වන තෙක් බලන් ඉන්න එපා 

ගොඩක් අය කරනන්නේ “Perfect timing” හොදම වෙලාවක් එනකම් බලාගෙන ඉන්න එක. එහෙම වුනාම කවදාවත් ඒ දේ පටන් ගන්න වෙන්නේ නැහැ. Wabi-Sabi වලින් කියන්නේ ඔයා ගාව දැනට තියෙන resources වලින් අදම පටන් ගන්න කියලා. 

👉 අවසන් වශයෙන්,ප්

කම්මැලිකම කියන්නේ ඔයාගේ චරිත ලක්ෂණයක් නෙවෙයි, ඒක වෙනස් කරන්න පුළුවන් පුරුද්දක්. ජපන් මිනිස්සු භාවිතා කරන Kaizen, Ikigai, Hara Hachi Bu, Shoshin, Kintsugi, Pomodoro, Wabi-Sabi කියන ක්‍රම වලින්, ඔයාගේ focus එක, productivity එක, motivation වගේම හිතේ සතුට වැඩි කරගන්නත් පුළුවන්.

 🌟අදම ඔබේ ජීවිතේ පොඩි පියවරක් ඉදිරියට තියන්න පටන් ගන්න.


උපුටා ගැනීම gossip plus