How to applying passports New method to register.
විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට, එක්දින හෝ සාමන්‍ය සේවය වෙනුවෙන් දිනයක් වෙන්කර ගැනීම.
2024.11.06 දින සිට ගමන් බලපත් අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත් අයදුම් කිරිම සඳහා ලියපදිංචි වීමට නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ.
1. ඒ අනුව 2024.11.06 දින සිට ශ්‍රී ලංකා ගමන් බලපත් අයදුම්කිරීම සඳහා https://www.immigration.gov.lk/ සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදුකල යුතුය.එදින සිට ලියාපදිංචි වන අයදුම්කරුවන්ගේ, අයදුම්පත් භාරගැනීම ආරම්භ වනුයේ 2024.12.04 වන බදාදා දින සිටය.
2. එබැවින් 2024.12.03 වන අඟහරුවදා දින දක්වා මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව දින ලබාගත් අනුපිළිවෙලට ගමන් බලපත් අයදුම්පත් භාරදීමට හැකිවේ.
3. නව ගමන් බලපත් අයදුම්කරුවන්/දැනටමත් ගමන් බලපත්‍රක් හිමි/නැතිවු ගමන් බලපත්සඳහාද නව ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැක.
4. පූර්ව ලියාපදිංචි ක්‍රමවේදය එක් දින සේවය සහ සාමාන්‍ය සේවය යන දෙවර්ගය සඳහාම වලංගු වේ.
5. ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම්කරුගේ වලංගු ජාතික හැඳුනුම්පත් අංකය හා වලංගු ජංගම දුරකථන අංකය අවශ්‍ය වන අතර ගමන් බලපත් අයදුම්පත් භාරදීමේදී එම ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලුම්කරු සතු විය යුතුය.
6. වයස අවුරුදු 16 අඩු දරුවන් ගමන් බලපත් ලබා ගැනීමට ලියාපදිංචි වීමේදී මවගේ හෝ පියාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කල යුතුය.
7. ඉහත අවශ්‍යතා සම්පූර්ණ කළ ඔබට, අදාළ අනුමත ඡායාරූපාගාරයකින් ලබා ගත් ඡායාරූපය ඇතුලත් රිසිට්පත සමඟ https://www.immigration.gov.lk/ වෙබ් අඩවියට ප්‍රවේශ වී “විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගැනීම” යන අයිකනයට පිවිස එක් දින සේවය සහ සාමාන්‍ය සේවයසඳහාලියාපදිංචිය සිදු කළ හැක.
8. ඔබගේ ලියාපදිංචිය සාර්ථක වුවහොත් අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ඔබට SMS පණිවුඩයක් හරහා දැනුම් දෙනු ලැබේ. අදාළ SMS පණිවුඩයට අනුව ඔබ විසින් තෝරා ගත් ස්ථානයට (ප්‍රධානකාර්‍යාලය, මාතර, නුවර, කුරුණැගල හා වව්නියාව යන ප්‍රාදේශීය කාර්‍යාල) සහ දිනයට අයදුම්පත හා අදාළ සියළු ලියකියවිලි වල මුල් පිටපත් රැගෙන මධ්‍යහ්න 12.00 ට පෙර පැමිණීම අනිවාර්යය වේ. එදිනට පැමිණීමට නොහැකි වන්නේ නම් ඔබට වෙන්කර ඇති අවස්ථාව අහිමි වන අතර වෙනත් දිනයක් සඳහා නැවත ලියාපදිංචි විය යුතුය.
9. දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමෙන් තොරව දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාවක් නැත
Is it a lie that Americans set foot on the moon?
01. වෑන් ඇලන් විකිරණ පටියෙන් බේරුණේ කොහොමද?
02. හඳට බැස්ස වෙලාවේ ගත්තා කියන ඡායාරූප වල ඇයි තරු නැත්තෙ?
03. ඇමෙරිකානු ධජය කොහොමද හුළඟට දිග ඇරෙන්නේ?
ඇපොලෝ 11 මෙහෙයුමේ කාටත් මතක හිටින ඡායාරූපයක් තමයි, ඇමෙරිකානු ධජය හඳ මතුපිට ලෙළ දෙමින් තිබෙන විට, බස් ඕල්ඩ්‍රින් ඒ ධජයට සෙලියුට් කිරීම.
හැබැයි, ඇමෙරිකානුවෝ ඇත්තටම හඳට ගියේ නෑ කියලා විශ්වාස කරන අය අහන දෙයක් තමයි, හුලං හමන්න වායුගෝලයක් නැති හඳේ කොහොමද මේ ඇමෙරිකානු ධජය ලෙළ දෙන්නේ කියලා.
ඒකට උත්තරේ මෙහෙමයි. හඳේ සවිකරපු ඇමෙරිකානු ධජය අදටත් ඒ විදියටම ළෙල දෙන විදියට තමයි තියෙන්නේ.
ඒකට හේතුව ඒ ධජය හුලඟට ලෙලදෙන නිසා නෙවෙයි. හුළඟට ලෙල දෙනවා වගේ, හිටින්න, ඒ ඇමරිකානු ධජය ඉහළ කෙළවරේ රිටක් සවි කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ.
04. 1969 දී ඇත්තටම මිනිස්සු හඳට ගියානම්, ඊට පස්සේ කවුරුත් ගියේ නැත්තේ ඇයි?
මේකට උත්තර දෙන්න නම්, මුලින්ම ගොඩක් අයගේ හිතේ තියෙන වැරදි මතයක් නිවැරදි කරන්නට ඕන. ගොඩක් අය හිතාගෙන ඉන්නේ, නීල් ආම්ස්ට්‍රෝන්ග් ඇතුළු පිරිස තමයි හඳට ගියපු එකම අභ්‍යවකාශගාමීන් කියලා.
ඇත්තම කියනවනම් මේ වෙනකොට, ගගනගාමීන් දොළොස් දෙනෙක් හඳ මතුපිට ඇවිදලා තියෙනවා. නීල් ආම්ස්ට්‍රෝන්ග් තමයි පළවෙනියා. අන්තිමට මිනිසුන් හඳට ගියපු ඇපොලෝ 17 මෙහෙයුම 1972 තමයි දියත් වුනේ.
එතකොට ඇයි අද දවසේ මිනිස්සු හඳට නොයන්නේ? හේතුව සරලයි. මේ වෙනකොට මිනිසාගේ ප්‍රමුඛතාවයන් වෙනස් වෙලා තියෙන්නෙ.
අපි හඳ ජය අරගෙන ඉවරයි. දැන් ඊළඟ අභියෝගය වෙන්නේ අඟහරු. ඒ නිසා තමයි හැමෝම, අඟහරු දිනන මෙහෙයුමේ සිටින්නේ. ඒකයි අද දවසේ හඳට යන්න කාටවත් උනන්දුවක් නැත්තේ.
05. සඳ මත තැන්පත් කරපු විද්‍යා උපකරණය
06. සඳ මත පිය සටහන්
07. මිනිස්සු හඳට ගිය බවට විද්‍යාත්මක සාක්ෂි තියෙනවා
දැන්, හඳට මුලින්ම ගොඩබැස්ස අභ්‍යවකාශගාමියෝ වගේම, ඊට පස්සේ හඳට ගිහින් ආපු අයත් හඳෙන් පාෂාණ වගේ දේවල් ගෙනාවා. ඒ විතරක් නෙවෙයි, ඇපලෝ මෙහෙයුම් වලින් විතරක් ගත්තු ඡායාරූප තියෙනවා, ඒවායින් 8400 ක් විතර මහජනතාවට දකින්න පුළුවන්.
එතකොට පැය දහස් ගාණක් වෙන වීඩියෝ සාක්ෂි තියෙනවා. විද්‍යාත්මක දත්ත ටොන් ගාණට තියෙනවා. මේ හැම දෙයක්ම ස්වාධීනව පරික්ෂා කරලා, ඒ කිසිම දෙයක් බොරු නෙවෙයි කියලා ඔප්පු කරලා තියෙනවා. හඳෙන් ගෙනාපු පාෂාණ වුණත්, ලෝකය පුරා පර්යේෂණාගාර වලින් ස්වාධීනව පරික්ෂා කරල තහවුරු කරලා තියෙනවා.
ඒවා ඇත්තටම හඳෙන් ගෙනාපු පාෂාණ තමයි කියලා. දැන් එතකොට, ඔය ඔක්කොම ඇමරිකාවේ කුමන්ත්‍රණයක් වෙන්නට බැහැ නේ. ඒ විතරක් නෙවෙයි, අද වුණත් පහළ කක්ෂයක ඉදන් හඳේ ඡායාරූප ගන්නකොට, හඳට ගොඩ බැහැපු ස්ථානය, හඳේ අතෑරල දාල ඇවිත් තියන රෝවර්, මොඩියුල් එහෙම දකින්නත් පුළුවන්.
දැන් මේ විදියට විද්‍යාත්මක සාක්ෂි ඔස්සේ මිනිසුන් හදට ගියාමයි කියලා තහවුරු කරලා පෙන්නුවත්, නෑ එහෙම උනේ නැහැ, මිනිස්සු හඳට ගිය කතාව නාට්‍යයක් කියලා කියන කොන්ස්පිරසි තියරිස්ට්ලා ඕනෑ තරම් ඉන්නවා.
ගොඩක් වෙලාවට මේ හතර ගිය කතාව බොරුවක් කියලා මෑතකදී කියන්නේ, පොළොව කියන්නේ තැටියක්, අපි ඉන්නේ ඒ තැටියා උඩ තියෙන dome එකක් ඇතුලේ කියලා කියන Flat earth කට්ටිය තමයි.
ඒ වගේම, අමෙරිකාවට කැමති නැති කොටසකුත් මේ ඇමරිකන් කාරයෝ මුලින්ම හඳට ගිය කියන කතාව බොරුවක් කියලා කියනවා. හැබැයි ඉතින් මේ මිනිසා හඳට ගියා කියන එක එක රටකට විතරක් අයිති ජයග්‍රහණයක් නෙවෙයි. ඒක මුළු මහත් මානව ඉතිහාසයේම ජය සළකුණක්!